Sunday, February 17, 2013

ඉබ්බගෙ නම වැටුන හැටි ගැන අතුරැ කතාවක්

               


      මේ සිද්ධිය වුනේ අර මුලින් සිද්‍ධිය වෙච්ච ආසන්නතම කාලේ. ඉබ්බගෙ නම වැටීම ගැන කතාව මේ කාලෙදි කා අතරත් ප්‍රසිද්ධ වෙලා තිබුනා. කැන්ටිමේ , බෝඩිමේ, ලෙක්චර් හොල් එකේදි කතාවුන අලුත්ම ඕපාදූප  ගොන්නෙ ඉබ්බගෙ සිද්ධියත් මුලටම තිබුනා.
                                                                                           එදා සිකුරාදා දවසක්.  බොහොමයක් දෙනා දවල් ආහාරය ඉක්මනින් අරගෙන කල්වේලා ඇතුව ලෙක්චර් හෝල් එකට ආවෙ විනාඩි කීපයකට හරි ඇලට් එකක් එහෙමත් නැත්නම් දන්න බාසාවෙන් කියනවා නම් පොඩි නින්දක් දාන්න බලාගෙන. කෑම කාපු ගමන් එන මේ වගේ වෙලාවක් කොහොමටවත් පාඩමකට නම් ගැලපෙන වෙලාවක් නෙවෙයි. ඉතින් නිදාගන්න අය සුවසේ නිදාගනිද්දි අනිත් උදවිය කාලය ගෙව්වෙ ගෙවුනු සතියෙ වුන රසබර සිද්‍ධීන් එකිනෙකා සමග බෙදාගනිමින්.


ලෙක්චර් එකට ආපු අපේ කට්ටිය

                     මෙන්න මේ වෙලාවෙ එලියට ඇදිලා ආවේ ඉබ්බගෙ සිද්දිය. ජෝං බාස්ගෙ කන්ඩායමේ හිටපු විනෝදයට බර එකෙක් වෙච්ච කිඹුළා ඊයෙ දිනයෙ දී ඉබ්බට වෙච්ච කුජීත සිදුවීම තවත් කන්ඩායමක් ඉදිරියෙ දිගහරින්න පටන් ගත්තා.

“ උඹල හිටියෙ නෑනෙ ඊයෙ හවස..........? “

“ නෑ බං ඊයෙ පැන්නා...... ‘‘

මේ කතාව යද්දි ඉබ්බත් ලඟපාත හිටියා.

“ ඊයෙ එකෙක් ඇන්ඳනෙ මාර චිත්‍රයක්........මං ඕන්නං ඇඳපු එකා කණෙන් පෙන්නන්නං “

කිඹුළ් කණ හැරවුනේ ඉබ්බගෙ පැත්තට

“ මොකක්ද ඌ ඇන්ඳෙ.......? “

මේ වෙනකොට අසන්නන් අතරින් කතාව අහන්න ප්‍රමාණය ඉක්මවා යන වැඩිම උනන්දුවක් දැක්වුවේ අචලයා. අචල කියන්නෙ ඉබ්බගෙ කන්ඩායමේ ඉබ්බගෙ ලඟින්ම නම තිබුන සමීපතමයෙක් බව කතාව කියන්න යන කිඹුළා ඒ වෙනකොට දැනං උන්නෙ නැහැ.


“ දැං මෙහෙමයි.......දැං උඹට කව්රැ හරි කියනවා ඉබ්බෙක් හරි හාවෙක් හරි අඳින්න කියලා....‍‍එතකොට උඹට හිතෙනව ඉබ්බෙක් අඳින්න‘‘

“ හ්ම් හ්ම්....‘‘

‍‍‘‘ උඹ මේ කොලේ ඇඳපංකො ඉබ්බෙක් ‍‍‘‘

කිඹුලා වැඩි පහසුව සඳහා බිම තිබිලා අහුලගත්ත කොලේකුත් අචලයට දුන්නා.

‘‘ අරි.... ‘‘

තප්පර ගණනක් ඇතුලත චිත්‍රය නිමවුනා. තමන් ඇඳපු චිත්‍රය කිඹුළගෙ අතට දෙන ගමන් කතාවෙ ඉතුරැ ටික අහන්න අචල උනන්දුවෙන් හරි බරි ගැහුනා. කතාවෙ ඉතුරැ ටික කියන්න ලෑස්ති වුනත් අලුත ඇඳපු චිත්‍ර‍යෙ ලොකු අවුලක් දැකපු කිඹුළා කම්පනයට පත්ව ඒ දෙස බලාගත්වනම හිටියා.














‘‘ ඒ.......කියපං මචං........මොකද්ද සීන් එක ඊලඟට............................“

 කෘතුහලයට  පත් අසන්නන් පිරිස ගල්බීත වූ කිඹුළා දෙස බලාපොරොත්තු පිරි දෑසින් බලා සිටියා.






                     
                     

4 comments:

  1. ලොල් කවුද යකෝ මේ දෙකටම එකම දාපු ගොන්වස්සා? :D

    සහෝ කොමන්ට් කරද්දී වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකේ පලවෙනි කමෙන්ට් එක කරපු නිශාන් සහෝදරයා...ඔබට මගේ ‍හදපිරි ප්‍රණාමය.....!!!!!!!!! හැබැයි කියලා තියෙන දේ නම් මට තේරෙන්නෙ නැත.

      Delete
    2. අයියෝ සමාවෙන්න.
      මට කියන්න ඕන වුනේ කවුද යකෝ මේ දෙකටම එකම නම දාපු ගොන්වස්සා කියලා :)

      කොමන්ට් කරද්දී වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න කිව්වේ.අපි කොමන්ට් කරද්දී පබ්ලිෂ් බට්න් එක එබුවම අකුරු වගයක් වැටෙනවා ඒවා බලාගෙන හරියට කොටන්න ඕන මේකේ කොමන්ට් කරන්න.ඒක ඔයාට බලපාන්නේ නැහැ ඔයාගේ බ්ලොග් එක නිසා.ඒක හදාගන්න පුළුවන් ඩෑෂ්බෝඩ් එකට ගිහින් සෙටින් වලට ගියා නම්.

      Delete
    3. නම් නැතුවට දාපු නම් තමයි මේවා. දීපු උපදෙසට බොහොම ස්තූතියි සහෝ.....!!

      Delete