Wednesday, February 27, 2013

කලිසං ගැලවීම.....(16+)









                ඉබ්බෙක් ගැන දිගටම ලිවීමෙන් කට්ටියට ජෝං බාස්ගේ බ්ලොගය බෝරිං වීමට ඉඩ ඇති නිසා මේ පාර  ටිකක් වෙනස් විදිහෙ සිද්දියක් ගැන ලියන්න තමයි මං හිතුවෙ. කලිං ලියපු සිද්දි දෙක වගේම මේකත් කැම්පස් එකට අඩිය තිබ්බ හැටියෙම වගේ වුන සිද්දියක්.
                                                                      මේ කාලෙදි විශ්ව විද්‍යාලෙට ආපු නවකයො වෙච්ච අපිට ආපුම අලුත නිසා ආගන්තුක දෙවල් බොහොමයක් දිනපතාම වගේ අහන්න දකින්න වගේම ඉගෙන ගන්නත් ලැබුනා. කැම්පස් එකේ උප සංස්කෘතියට අයිති අපි නොදන්නා බොහොමයක් දේවල් දැනගත්තෙ මේ කාලෙදි. නමුත් අහන්න ලැබුන විවිධ තොරතුරැ අතරෙ ඇත්ත වගේම බොරැත් ගොඩක් තිබුනා.
                                                                                                                                              දවසක් කැන්ටිමේ කෑම කන අතරෙදි ගුරෑප් එකේ රෙපා හෙවත් කන්ඩායමේ නියෝජිතයා මගින් ලැබුනෙ අමුතුම ජාතියෙ අලුත් ආරංචියක්. මේ වෙලාවෙ සමහරැන් කන්න ගත්ත බත් කට අතරමග නතර කරන් මේ ආරංචියට ඇහුම්කන් දුන්නා, තවත් සමහරැ ගිලපු බත් කට උගුරෙ හිරකර ගත්තා..........  එවෙලෙ දැනගන්න ලැබිච්ච දේ ඒ තරම්ම හිත කීරි ගස්සන සුලු එකක්.

                                                             මේ අලුත් ආරංචියෙ හැටියට කැම්පස් එකට ආපු අලුත් ශිෂ්‍ය කන්ඩායම ඉදිරි සති කීපය තුල කැම්පස් එක ඇතුලෙම තිබුන මෙඩිකල් සෙන්ටර් එකේදි ඉතාමත් දරැනු ගනයේ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතව තිබුනා.
                                                                                                    මේ කියන මෙඩිකල් සෙන්ටර් එක තිබුනෙ කැම්පස් එක ඇතුලෙ එයටම වෙන් වෙච්ච ගොඩනැගිල්ලක. තලන්තෑනි වයසේ වෛද්‍යතුමෙක්, වයස තිස් ගණනක පමන සිත් ලගන්නා පෙනුමැති වෛද්‍යතුමියක්, හෙදියක් සහ තවත් සුලු සේවක සේවිකාවන් කිහිපදෙනෙක් මේකෙ සේවය කලා. වෛද්‍ය මධ්‍යස්ථානය පිහිටුවීමේ  නාමික අරමුණ සිසුන්ට ලෙඩට බෙහෙත් දීම වුනත් ජෝං බාස්ට තේරැනු හැටියට මේකෙ යටි අරමුන වෙලා තිබුනෙ සටකපට විශ්ව විද්‍යාල සිසුන්ගෙ හොර ලෙඩ අල්ලා ගැනීම.
                                                                                 
                          දේශන වලට පැමිනීමේ මදිකම, විභාග වලට පෙනී නොසිටීම  වගේ දේවල් වලට හේතු හැටියට රට වටෙන් ගේන වෛද්‍ය සහතික මේ තැනට දීලා සහතික කරගැනීම අනිවාර්යයි. ඉතින් වි.වි පාලන අ‍ධිකාරිය විසින් හැමෝටම මෙතන ලියාපදිංචි වීම අනාවාර්ය කරලා තිබ්බා. ඉතිං මෙන්න මේ ලියාපදිංචි කරගැනීම සඳහා තමයි මේ පරීක්ෂනේ ලෑස්ති කරලා තිබුනෙ. අපේ රෙපා වෙච්ච වන්නියා තමන්ට දැනගන්න ලැබුන හැටියට මේ ගැන පොඩි විස්තරයකුත් ඉදිරිපත් කලා. කට්ටිය වඩාත් කලබල වුනේ මේ විස්තරයෙදි කියවුන හර්නියා පරීක්ෂනේ ගැන අහලා.

                                                මේ වෙලාවෙදි කොහෙදෝ ගිහින්  මිසිං වෙලා ඉඳපු අපේ කන්ඩායමේ සාමාජිකයෙක් වෙච්ච ආනාට පස්සෙ වෙලාවක පො‍ළා විසින් සිද්දිය විස්තර කරේ මෙන්න මෙහෙම.

“ දැං උඹ රෑම් එකට ගිය ගමන්ම ඩොකා  උඹට කියනවා කලිසම ගලවන්න කියලා“

“ ඇ.....“

“ඔව්...... ඊට පස්සෙ උඹට යට එකත් ගලවන්න වෙනවා...... “

“ පල යන්න..................“

“ හරි ....බොරැනම් අහපං වන්නියා ගෙං......බොරැනං දැං අහපං............“

            මඳ කම්පනයට පත්වු ආනාට තම වඩාත්ම විස්වාසනිය සගයෙකු මෙන්ම කන්ඩායමේ රෙපා වන වන්නියා දෙස බැලුනේ ඉබේටම. නමුත් සියලු බලාපොරොත්තු සුනුවිසුනු කරවමින් වන්නියාගෙන් ලැබුනේ පොළාගේ ප්‍රකාශය සනාථ කරන ආකාරයේ බැල්මක්.

“ දැක්කනෙ.....ඊට පස්සෙ තමයි දරැනුම සීන් එක .........ඩොකා ඊලඟට උඹට කියනවා කහින්න කියලා.......“

“ ..ඩොකාට සයිකොද...???“

“ එහෙම තමයි.......... දැං කහිනකොට අරක උඩට ගිහිං ආපහු තිබිච්ච තැනට ආවොත් අවුලක් නෑ.“

“ ආවෙ නැත්තං..........???? “

“ නැත්තං තොට හර්නියා කියලා එවෙලෙම හොස්පිට්ල් පටවනවා..........“

        පොළා සිද්දිය විස්තර කරේ ටිකක් සැරට වුනත්  අපිට දැනගන්න ලැබිච්ච ඇත්තම නිව්ස් එකෙත් තිබුනෙ මේ වගේම දෙයක්. එදා සවස් කාලයේ දී ආනා කිසිවෙකුට හට දකින්නට නොලැබුන අතර ආනාගේ බොඩිමේ වැසිකි‍ළිය තුලින් දින කිපයක් යන තුරැ  විටින් විට කිසිවෙකු කහින ශබ්දයක් ඇසුන බව පසුව ආරංචි වුනා.

                                           ...................................................................


පහුවදා ඉ‍ඳන් මේ අරැම පුදුම වෛද්‍ය පරීක්ෂනේ ගැන අලුත් අලුත් ආරංචි ගලාගෙන ආවා. මුලින්ම මේ ගැන හොයාගෙන තිබුනෙ නසියර්.


“ මේ මල මගුලයි ඕයි........අන්න ඩොකිත් කොල්ලොංව චෙක් කරනවලු. අපේ බෝඩිමේ ඉන්න සින්නෙක් මට කිව්වෙ. මං හිතං හිටියෙ කොල්ලොංව  ඩොකා ගාවට දායි කියලා. “


“ නෑ................... ඉතිං හොඳයිනෙ බං......“
කවදත් ඩර්ටි හිත තිබිච්ච මැක්කාට ෆුල් ජොලියක් ගියා.


“ හොඳයි.......??? යකෝ මං මේ බයේ ඉන්නෙ අරකි ගාවට ගිහිං කලිසම ගලවනකොට මොනවයිං මොනවා වෙලා තියෙයිද දන්නෑ......“


“ මොනා වෙන්නද මල්ලි නැගිටලා ඉඳියි වැඩිම උනොත්......... “


“ ඉතිං ඕයි ......එහෙම උනොත් මං චාටර් නෙ...මගෙන් අහයි මේ මොකද මේ කියලා“


“ඉතිං ගෑනියෙක් ඉස්සරහ නෙ බන්..... අවුලක් නෑනෙ. දැං හිතපං ඔය දේ බැරි වෙලා හරි අර නාකි ඩොකාගෙ ඉස්සරහ වුනොත් ඉ‍ඳලා වැඩක් නෑනෙ.......මම නං යන්නෙ ඩොකී ලඟට“

මැක්කගෙ අදහස කොහෙම වුනත් කට්ටියට මේ‍කෙන් පස්සෙ තවත් භීතිකාවක් ඇති වුනා. ඒ තමයි “නැගීමේ බිය“.
                                 
                       .........................................................................................................

           කාලය  බියෙං සැකෙන් ටිකෙන් ටික ගෙවිලා ගිහින්  ඔන්න කලිසම ගලවන දවස හොඳටම ලං වුනා. හරියටම අදාල දවසට කලින් දවසෙ හැමෝටම එක ගානේ ගන්න කියලා ලැබුනෙ මෙඩිකල් සෙන්ටර් එකෙන් එවලා තිබුන ෆෝම් එකක්. ඔන්න ඹ්ක දැකලා කට්ටියගෙ නැගලා තිබුන ෆ්‍රෙෂර් තවත් වැඩිවෙන්න ගත්තා. මොකද ඊලඟ දවසෙ චෙක් කරන අංගොපාංග ලයිස්තුවම මේකෙ තිබුන නිසා. සමහර වචන කට්ටිය ඒ දවස් වල දන්නෙත් නෑ.


“ මොකක් ද බං anus කියන්නෙ....? “

“ ඒ කියන්නෙ අධෝ මුඛයනෙ බන්...... ඇඃ.....ඒකත් තියවද ලිස්ට් එකේ....? “

“ තියනවා යකෝ .....පුක නෑස් වෙනවා..... ඇඟලි ගැහිල්ලකුත් සෙට්වෙන්නටයි යන්නෙ.....“

“  තත්වෙ අන්තිම දරැනුයි.........කව්රැ ලඟට දැම්මත් වෙනසක් නෑ වගේ බං.......“

                   ඇත්තටම ජෝං බාස්ටත් මේක අහල  හින් දාඩිය දැම්මා. මං මෙතෙක් වෙලා නොසැලකිල්ලෙන් පොත් අස්සෙ දාගෙන හිටපු පෝරමය ඇදලා  අරගෙන කෙලවරක ඉඳන් කියවන්න ගත්තා. .............මේ තියන්නෙ දිලිසි දිලිසි...... anus, penis, testes .....දන්න කියන අවයව ටික ඔක්කොම ලැයිස්තුවෙ තියනවා. දැං කට්ටියට තේරෙන්න ගත්තා තත්වය තමන් හිතං හිටියටත් වඩා සැහෙන්න බරපතල බව. ජෝං බාසුත් එදා ගෙදර ආවෙ සෑහෙන්න බරක් හිතේ තියාගෙන. කොටින්ම කියනවා නම් එදා නින්ද යනකලුත් මේ ගැන කල්පනා කරකර හිටියා වගේ මතකයි. පෙන්නන එක නම් මදෑ තව ඇඟලි ගහන්නත් දීපල්ලකො...........චැහ් ....නරක කාලයක්ද කොහෙද...........


වෛද්‍ය පරීක්ෂණය දා මොකද වුනේ........???????     ඊලඟ කොටසින් බලාපොරොත්තු වන්න.............






























Sunday, February 17, 2013

ඉබ්බගෙ නම වැටුන හැටි ගැන අතුරැ කතාවක්

               


      මේ සිද්ධිය වුනේ අර මුලින් සිද්‍ධිය වෙච්ච ආසන්නතම කාලේ. ඉබ්බගෙ නම වැටීම ගැන කතාව මේ කාලෙදි කා අතරත් ප්‍රසිද්ධ වෙලා තිබුනා. කැන්ටිමේ , බෝඩිමේ, ලෙක්චර් හොල් එකේදි කතාවුන අලුත්ම ඕපාදූප  ගොන්නෙ ඉබ්බගෙ සිද්ධියත් මුලටම තිබුනා.
                                                                                           එදා සිකුරාදා දවසක්.  බොහොමයක් දෙනා දවල් ආහාරය ඉක්මනින් අරගෙන කල්වේලා ඇතුව ලෙක්චර් හෝල් එකට ආවෙ විනාඩි කීපයකට හරි ඇලට් එකක් එහෙමත් නැත්නම් දන්න බාසාවෙන් කියනවා නම් පොඩි නින්දක් දාන්න බලාගෙන. කෑම කාපු ගමන් එන මේ වගේ වෙලාවක් කොහොමටවත් පාඩමකට නම් ගැලපෙන වෙලාවක් නෙවෙයි. ඉතින් නිදාගන්න අය සුවසේ නිදාගනිද්දි අනිත් උදවිය කාලය ගෙව්වෙ ගෙවුනු සතියෙ වුන රසබර සිද්‍ධීන් එකිනෙකා සමග බෙදාගනිමින්.


ලෙක්චර් එකට ආපු අපේ කට්ටිය

                     මෙන්න මේ වෙලාවෙ එලියට ඇදිලා ආවේ ඉබ්බගෙ සිද්දිය. ජෝං බාස්ගෙ කන්ඩායමේ හිටපු විනෝදයට බර එකෙක් වෙච්ච කිඹුළා ඊයෙ දිනයෙ දී ඉබ්බට වෙච්ච කුජීත සිදුවීම තවත් කන්ඩායමක් ඉදිරියෙ දිගහරින්න පටන් ගත්තා.

“ උඹල හිටියෙ නෑනෙ ඊයෙ හවස..........? “

“ නෑ බං ඊයෙ පැන්නා...... ‘‘

මේ කතාව යද්දි ඉබ්බත් ලඟපාත හිටියා.

“ ඊයෙ එකෙක් ඇන්ඳනෙ මාර චිත්‍රයක්........මං ඕන්නං ඇඳපු එකා කණෙන් පෙන්නන්නං “

කිඹුළ් කණ හැරවුනේ ඉබ්බගෙ පැත්තට

“ මොකක්ද ඌ ඇන්ඳෙ.......? “

මේ වෙනකොට අසන්නන් අතරින් කතාව අහන්න ප්‍රමාණය ඉක්මවා යන වැඩිම උනන්දුවක් දැක්වුවේ අචලයා. අචල කියන්නෙ ඉබ්බගෙ කන්ඩායමේ ඉබ්බගෙ ලඟින්ම නම තිබුන සමීපතමයෙක් බව කතාව කියන්න යන කිඹුළා ඒ වෙනකොට දැනං උන්නෙ නැහැ.


“ දැං මෙහෙමයි.......දැං උඹට කව්රැ හරි කියනවා ඉබ්බෙක් හරි හාවෙක් හරි අඳින්න කියලා....‍‍එතකොට උඹට හිතෙනව ඉබ්බෙක් අඳින්න‘‘

“ හ්ම් හ්ම්....‘‘

‍‍‘‘ උඹ මේ කොලේ ඇඳපංකො ඉබ්බෙක් ‍‍‘‘

කිඹුලා වැඩි පහසුව සඳහා බිම තිබිලා අහුලගත්ත කොලේකුත් අචලයට දුන්නා.

‘‘ අරි.... ‘‘

තප්පර ගණනක් ඇතුලත චිත්‍රය නිමවුනා. තමන් ඇඳපු චිත්‍රය කිඹුළගෙ අතට දෙන ගමන් කතාවෙ ඉතුරැ ටික අහන්න අචල උනන්දුවෙන් හරි බරි ගැහුනා. කතාවෙ ඉතුරැ ටික කියන්න ලෑස්ති වුනත් අලුත ඇඳපු චිත්‍ර‍යෙ ලොකු අවුලක් දැකපු කිඹුළා කම්පනයට පත්ව ඒ දෙස බලාගත්වනම හිටියා.














‘‘ ඒ.......කියපං මචං........මොකද්ද සීන් එක ඊලඟට............................“

 කෘතුහලයට  පත් අසන්නන් පිරිස ගල්බීත වූ කිඹුළා දෙස බලාපොරොත්තු පිරි දෑසින් බලා සිටියා.






                     
                     

Friday, February 15, 2013

ඉබ්බගෙ කතා - 1















        

 ඉස්සෙල්ලාම පටන් ගත්තු බ්ලොග් අඩවියෙ ලියන්න දෙයක් කල්පනා කරකර ඉන්නකොට ජෝං බාස්ට මුලින්ම මතක් වුනේ තමන්ගෙ කිට්ටුම මිත්‍ර‍යෙක් වුනු ඉබ්බාව. මේ කාලෙ තමයි ජෝංබාස් ඉගෙනුම ලබන්න සරසවියට ඇතුලත් වුන මුල්ම අවධිය. සිය ගණනක් වුනු අලුත් මුහුණු  අතරෙ රටේ විවිධ පලාත් වලින් ආපු විවිධාකාර චරිත හිටියා. මේ අතරින් සුවිශේෂීම චරිතයක් වුනු ඉබ්බා කොයි කා අතරත් ජනප්‍රිය වෙලා හිටියෙ රස සාගරයක් හැටියට.
                                                                   සාමාන‍‍්‍යයෙන් නම් කෙනෙක් මේ හැටි ජනප්‍රිය වෙන්නෙ තමන්ගෙ නොයෙක් හැකියාවන් නිසා වුනත් ඉබ්බාගෙ ජනප්‍රියත්වයට හේතු වුනේ කොයි වැඩේ කලත් සුවිශේෂී සිද්ධි දාමයක් ඒ වටා ඇති වීම. ඇතැම් විට වේගයෙන් ඇදී යන දුම්රියකට ඇදිලා යන පරඬැලාවක් වගේ ඒ අවට සිටින අයත් ඔවුන්ට නොදැනීම ඉබ්බගෙ කතාවකට ගෑවිලා අමරනීය චරිත බවට පත්වුනා. කෑවත්, බිව්වත්, නෑවත් වෙන මොනයම්හෝ දෙයක් කලත් ඉබ්බා එතන නම් අමුතු හාස්‍යජනක යමක් එතන සිදූවීමේ ලොකු සම්‍‍භාවිතාවක් තිබනා. කොටින්ම කියනවා නම් නැගපු හැම පොල් ගහේම ඒකට දෙබලක් නම් වැරදුනේ නැහැ.
                                                                                                                                                                     හොඳයි එහෙනම් මේසා අද්‍භූතවුත්, කුජීතවූත් රස සාගරයක් බඳුවූත් ඉබ්බා වටේ ගෙතුනු කතා වලින් මම මුලින්ම ලියන්න යන්නෙ ඉබ්බට නම වැටනු හැටි ගැන කතාව.
                                            මේ කියන කාලේ හැමදාම වගේ අවසාන කාල පරිච්චේදය වෙන් වෙලා තිබුනෙ ආරාධිත දේශන වලට. උදේ ඉඳන් පුටු රත් කරමින් නීරස දේශන අහං ඉඳලා එපා වුනු බොහොම දෙනෙක් මේ අන්තිම දේශනය කට් කරලා පනින්න පුරුදුවෙලා හිටියා.පැනගන්න බැරිවුන අනිත් එවුන් මේ දේශනයට අකමැත්තෙන් සහභාගිවුනත් යමක් ඉගැනීම කෙසේ වෙතත් උන් උත්සාහ කලේ තමන්ගෙ දවසේ  වෙහෙස,මහන්සිය, මානසික ආතතිය පිටකරගන්න. 
                                                                                                                            මෙන්න මේ කියන දවසෙත් ඔය වගේම ආරාධිත දේශනයක් දෙන්න කෙනෙක් ඇවිත් හිටියා.  එදා මාතෘකාව වුනේ ‘‘ධනාත්මක චින්තනය‘‘.

                                      තමන්ගෙ දේශනය අහන්න ආපු මේ දඩබ්බර සිසු පිරිසට කෙසේ හෝ ධනාත්මක චින්තනය ගැන කියලා දෙන්න දේශකතුමාට පුදුමාකාර අවශ්‍යතාවයක් තිබුනා. මේ සඳහා ක්‍රියාකාරකම් ගොඩකුත් සිසුන් ලවා කෙරවුනා. මේ කියන චින්තනය එක් එක් පුද්ගලයා තුලින්ම එන මට්ටමට ගන්න තමයි එතුමා කියපු හැටියට මේකෙ අන්තිම ඉලක්කය වෙලා තිබුනෙ.
                                                                                                                                                  මේ විදිහට ගලාගෙන ගිය දේශනය බාධා වලින් තොරවම අවසාන භාගයට එලඹුනා. පැයක් පුරාවට තමන් උගන්වපු දේවල් මේ සිසුන්ට තේරැම් ගිහින් තියෙන්නෙ කොයි විදිහටද කියලා බලන්න  අවසාන වශයෙන් කරන්න තිබුනෙ ක්‍රියාකාරකමක්. ඒ සඳහා දේශකතුමා කියන දේවල් යුගලයෙන් තමන් වඩාත් කැමති දෙය අ‍ඳින්න තමයි තිබුනෙ.
                     මුලින්ම ලැබුනෙ විනාඩියක් ඇතුලත තනි තට්ටුවේ හරි තට්ටු දෙකේ හරි ගෙයක් අ‍ඳින්න. ඔන්න ඉතිං කට්ටිය දිවවල්  රෝල් කරකර ගෙවල් අඳිනවා. තට්ටු දෙකේ මාළිගාවේ ඉඳන් තනි තට්ටුවෙ වැසිකිළිය දක්වා විවිධාකාර චිත්‍ර ඒ විනාඩියක කාලය තුල ඇඳුනා. සිසුන් අතරට ගිය දේශකතුමා එක් චිත්‍රයක් ඉල්ලා ගත්තා.

“තට්ටු දෙකේ ගෙයක් තමයි මේකෙ ඇඳල තියෙන්නෙ............වැඩක් කරද්දි මෙන්න මේ වගේ තමයි හිතන්න ඕන. තමන්ට යන්න පුලුවන් උපරිමය ගැන හිතලා පටන් ගන්න....බොහොම හොඳයි. “

“හරි.... ඊලඟට අඳින්න ඉබ්බෙක් හරි හාවෙක් හරි......................“

ඔන්න ඉතින් ආයෙත් කට්ටිය ගජරාමෙට චිත්‍ර අඳිනවා. වැඩි දෙනෙක් හාවොත් ටිකදෙනෙක් ඉබ්බොත් අඳින්න ගත්තා. මමත් ඉතින් පොඩිකාලෙ ඉඳන් අඳින්න දන්න ලේසිම සතා, රට  හාවා ඇඳ ඇඳ හිටියා. ඕන්න........ එතකොට තමයි කතාවෙ වීරයා වන අපේ ඉබ්බා වැඩ පටන් ගත්තෙ, සද්දෙ ආවෙ පිටිපස්සෙ පෝලිමෙන්. කීපදෙනෙක් හිනා වෙන හඬ එක්ක තවත් කෙනෙක් යමකට විරෝධය පලකරන හඬක් ඇහිලා මම පිටිපස්ස හැරිලා බලුවා. 
                                                    මට පෙනුනෙ යම් කලබලයක්. චිත්‍රයක් ඇතුලත් කොලයක් වේගයෙන් අතින් අතට යමින් තිබුන අතර කලබලයට පත් තරමක් උස, පොකුටු කොන්ඩයක් සහිත සිසුවෙක් තමන්ගෙන් ඈතට ඇදී යන කොලය නැවත ඉල්ලා ගන්න අසාර්ථක උත්සාහයක් දැරැවා.

“ ඒ ..ඕක  එවපංකො බං කැතවැඩ කරන්නැතුව....අඩෝව්.........!!!!   “

චිත්‍රය බලන බලන එකාගෙ මුනෙ ඇඳුනෙ හිනාවල්

 “ මොකෙක් ද බං මේ ඇඳලා තියෙන්නෙ........අම්මට සිරි ....හිඃ හිඃ..... “

“ අඩේ..... ලෝක ගෝලෙකුත් ඇඳලා...... “


මොනවා.....ඉබ්බෙක් ලෝක ගෝලයක් එක්ක......ජෝන් බාස්ට මතක් වුනේ තමන් හතේ  පන්තියෙදි ඉගෙන ගනිපූ අතීත චීනයේ විස්වාස කෙරැවයි කියන ලෝකය විශාල ඉබ්බෙකුගේ පිට නැගුනු අලින් හතර දෙනෙක් උස්සන් හිටපු කතාව....ඒකවත් ඇඳලද දන්නෑ .........

අතින් අත පාස් වෙමින්  ආපු අරැම පුදුම ආපු චිත්‍රය බලන්න මමත් එබුනා.


                                          














ඇඳලා තිබ්බෙ නම් ඉතින් ඉබ්බෙක් තමයි, හැබැයි කොන්ඩි පට්ටං වලට දාන ජාතියෙ එකෙක්. කව්දෝ කිව්වා වගේම ලස්සන ලෝක ගෝලෙකුත් ලාංචනයක් හැටියට ඉබ්බගෙ මුහුණතේ සටහන් වෙලා තිබ්බා. ජෝං බාස්ට පස්සෙ දැනගන්න ලැබුනු හැටියට එදා මේ ඇඳලා තිබිලා තියෙන්නෙ ඉබ්බගෙ බෝඩිං කාමරේ දොරට දාලා තිබිච්ච ඉබ්බා.


අතින් අතට ගිය කොලේ දේශකතුමාගෙ අතටත් ගියා. කොලේ අතට ගත්ත ගමන් එතුමාගෙ හිත ෆුල් අවුල් වුන බව මුනෙන්ම පෙනුනා. මේ දඩබ්බර කොල්ලන් පිරිස තමන්ව විහිලුවකට ගන්න ඇති කියලා සමහර විට හිතන්න ඇති.

“ ම්ම්ම්....මෙහෙම ඉබ්බොත් ඉන්න පුලුවන් තමයි.......“

සර්ට එතනින් එහාට යමක් කියන්න හිත හදාගන්න බැරි වුනා. 

එතකොට අරක ඇඳපු එකා...........????

ආ.... ඇඳපු එකාට එදයින් පස්සෙ “ ඉබ්බා‘‘ කියන කාඩ් එක රෙජිස්ටර් වුනා.

          ජෝං බාස්ට පසුව දැනගන්න ලැබුනු හැටියට එදා මේ ඇඳලා තිබිලා තියෙන්නෙ ඉබ්බගෙ බෝඩිං කාමරේ දොරට දාලා තිබිච්ච ඉබ්බා. ඒකා එහෙම කරන්න ඇත්තෙ තුන්හිතකින්වත් විහිලුවක් කිරීමේ අදහසකින් නොවන බවත් එවෙලෙ අඳින්න ඇත්තෙ ඇත්තටම තමන්ට හිතුනදේ බවත් ඉබ්බව පසුකාලීනව ආශ්‍රය කිරීමෙදි ජෝන් බාස්ට වැටහුනා. 


ප.ලි. - පසුකාලීනව ඉබ්බා ජෝං බාස්ගෙ  ර ෑ‍මෙක් බවටත් පත්වුන අතර එමගින් ඉබ්බා සම්බන්ධ කතා සීරීස් එකක් බලාගන්නත් ජෝංබාස්ට හැකිවුනා.

                                                                                           

                                                                                                       






Sunday, February 10, 2013

මාත් එකක් පටන් ගත්තා.........

ඉඳල ඉඳල බැරිම තැන ඕන් මාත් පටන් ගත්තා බ්ලොගක් ලියන්න. ලියනවා කිව්වට තාම හිංගලෙන් කොටාගන්නවත් බෑ.......... තාම අකුරු අහුලනවා. ඉස්පිලි, පාපිලි, සංඤක අකුරු තාමත් මට නොපෙනී හැංගෙනවා. මේ දැන් ලියද්දිත් “රු“ යන්නෙ ඇදය ම‍ගේ ඇස් වලින් වහං වෙලා( බැරිම තැන හිස් අහසෙ සඳරුගෙ රු යන්න හොරකම් කරා).
                                                      මම ලිවිල්ලට ආගන්තුකයෙක් වුනත් බ්ලොග් ලෝකයෙ පරණම රසිකයෙක්. පරිඝණකය ඉදිරියෙ ගෙවිල ගිය මගේ කාලෙන් වැඩිම වෙලාවක් ගතවුනේ බ්ලොග් අවකාශය ඇතුලෙ සැරිසරන්න තමයි ඕං.  සයිබර් අවකාශයෙ පිරිලා තිබුනු දහසකුත් දෙනාගෙ අත්දැකීම්, නිර්මාණ වලින් හැදුනු වියුනු සටහන් කියවද්දි, මටත් හිතුනා මගේම අත්දැකීම් ඇතුලත් බ්ලොගයක් ලියන්න. ඕන්න ඉතින් ඔහොමයි ජෝං බාස් බොලොග් අවකාශයේ වැඩට බැස්සෙ. අදට එහෙනම් මේ ඇති.........